PHP 04: Operators

php-operators-sinhala

 PHP වල Operators කියන්නේ variable සහ අගයන් (values) මත විවිධ මෙහෙයුම් සිදු කිරීමට භාවිතා කරන සංකේත වලටයි. සරලවම කිව්වොත් එකතු කිරීම්, අඩු කිරීම් සහ සංසන්දනය කිරීම් කරන්න මේවා පාවිච්චි කරනවා.

PHP වල ප්‍රධාන Operators වර්ග කිහිපයක් තියෙනවා. අපි ඒවා එකින් එක බලමු.

1. Arithmetic Operators : මේවා පාවිච්චි කරන්නේ අපි සාමාන්‍ය ගණිතයේදී කරන වැඩ වලටයි.




2. Assignment Operators

    අගයක් variable එකකට ලබා දීමට (Assign කිරීමට) මේවා පාවිච්චි කරනවා. අපි කලින් ඉගෙන ගත්ත = ලකුණ තමයි මෙහි ප්‍රධානම එක.

  • $x = 10; (x ට 10 අගය ලබා දෙයි)
  • $x += 5; (මේකේ තේරුම $x = $x + 5; )

3. Comparison Operators

    Variable දෙකක් අතර තියෙන සම්බන්ධය පරීක්ෂා කරන්න මේවා පාවිච්චි කරනවා. මෙහි ප්‍රතිඵලය ලැබෙන්නේ True හෝ False (Boolean) විදිහට.



4. Logical Operators

    කොන්දේසි (Conditions) කිහිපයක් එකවර පරීක්ෂා කිරීමට මේවා පාවිච්චි කරනවා.

  • and (&&): කොන්දේසි දෙකම නිවැරදි නම් පමණක් True වේ.
  • or (||): කොන්දේසි දෙකෙන් එකක් හෝ නිවැරදි නම් True වේ.
  • ! (Not): තියෙන අගයෙහි විරුද්ධ පැත්ත පෙන්වයි (True නම් False කරයි).

Variable  and Operators use කරගෙන question මේ එක try කරන්න.


Question : මිල රු 500 /= වෙන භාණ්ඩයකට 10% discount එකක් දෙනවා. එහෙනම් විකුණුම් මිල කීයද ?



Post a Comment

0 Comments