AI අනාගතයේ මොනවා කරයිද ?



 කෘතිම බුද්ධිය (AI) තමා අපේ කාලයේ වඩාත්ම ජනප්‍රියත්වයට හා වෙන්ස්වීම් වලට ලක්වූ එකම තාක්ෂණය වර්ථමානයේ ස්වයං - රිය පැදවීමේ සිට Siri සහ Alexa වැනි ස්මර්ට් සහයකයින් දක්වා AI තාක්ෂණය දියුණු වී ඇත. ඇඓ අපේ ජීවිත වලට කොහොම බලපැමක් කරයිද ? මේ ඒ ගැන සිදු කල කෙටි සොයා බැලීමක්.

AI - සෞඛ්‍ය ක්ෂේත්‍රයට

          AI බලයෙන් ක්‍රියාත්මක වන රෝග විනිශ්චය කරන පද්ධති මෙන්ම රොබෝ තාක්ශණයෙන් සැත්කම් සිදුකිරීම වැනි ප්‍රවනතාවන් වර්තමානයේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දැක ගත හැක. මෙය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විප්ලීය වෙනස්කමකි. පිලිකා වැනි රෝග මුල් අවදියේ හදුනා ගැනීමට රෝගියාගේ වෙද්‍ය වාර්ථා විශාල ප්‍රමානයක් විශ්ලේෂණය කර රෝගියාට වඩා හොද ප්‍රතිකාර ලබා දීමට හැකිවී ඇත.

AI - ව්‍යාපාර ක්ෂේත්‍රයට 

           බොහෝ ව්‍යාපාර තමන්ගේ ව්‍යාපාරයේ අනාගත තීරණ ගැනීම සදහා  මෙන්ම පාරිබෝගිකයාට කාර්යක්ෂම සේවාවක් ලබාදීමට chatbot වැනි AI මෘදුකාංග බාවිතා කරනවා.

AI - Cyber ආරක්ෂාවට 

           Cyber තර්ජන වැඩිවීමත් සමග AI Cyber ආරක්ෂාව වැඩි කිරීම සදහා සැලකිය යුතු දායකත්වයක් දක්වනවා AI පධ්දති වලට තත්‍ය  කාලීන විශමතා හා විභව තර්ජන හදුනා ගත හැකි අතර එමගින් Cyber අවකශයේ සිදුවන තර්ජන අවම කර ගැනීමට හැකි වී ඇත. 

AI - Smart City

            AI මගින්  රථ වාහන කළමණාකරනය හා මහජන සේවා කාර්යක්ශම කිරීම, බලශ්ක්ති පරිභෝජනය අවම කිරීම smart නගර සලසුම් කරනයේදී යොදා ගනී.

AI - අනාගතය

           AI බොහෝ ප්‍රතිලාබ ලබා දෙන අතර එය පෞද්ගලිකත්ව ගටලු, රැකියා විස්තාපනය සහ තීරණ ගැනීමේදී පක්ෂග්‍රාහී වීම වැනි සදාචාරාත්මක ගැටලුද ඇති කරයි. ඇඉ අකණ්ඩව ප්‍රිණාමය වන බැවින් එහි වගකීම් සහගත බව සහතික කිරීමට මාර්ගෝපදේශ ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය වේ.

         මෙම දියුණුව පිළිබදව දනුවත්ව සිටීම අපට වෙනස්කම් වැලදගනීමට සහ ඇඓ මත පදනම් වූ ලෝකයක් සදහා සූදානම් ව සිටීමට උපකාරී වේ.


AI මගින් සමාජයට වන බලපැම පිළිබද ඔබේ අදහස කුමක්ද ?

Post a Comment

0 Comments