PHP 03: Variables and Data Types

 


අපි කලින් blog post එකේදී PHP code එකක්  run කරගන්න හැටි ඉගෙන ගත්තා. දැන් අපි බලමු PHP වල Variables and Data  හසුරවන්නේ කොහොමද කියලා.


මොකක්ද මේ Variable එකක් කියන්නේ ?


සරලවම කිව්වොත් Variable එකක් කියන්නේ දත්ත ගබඩා කරලා තබන "භාජනයක්" වගේ දෙයක්. අපිට පුළුවන් ඕනෑම අගයක් (නමක්, අංකයක්) මේ භාජනය ඇතුළට දාලා පස්සේ වෙලාවක ඒක පාවිච්චි කරන්න.


PHP වල Variable එකක් හදන හැටි

  • සෑම Variable එකක්ම පටන් ගන්න ඕන $ (Dollar sign) එකෙන්.
  • Variable එකක නම අකුරකින් (Letter) හෝ underscore (_) එකකින් පටන් ගත යුතුයි.
  • Variable නම මැද හිස්තැන් (Spaces) තියෙන්න බැහැ.
  • PHP වල Variables "Case-sensitive" වේ. (ඒ කියන්නේ $age සහ $AGE කියන්නේ දෙකක්).

Variable එකක්  create කරන විදිහ




PHP Data Types

Variable එකක් ඇතුළේ අපිට විවිධ වර්ගයේ Data ගබඩා කරන්න පුළුවන්. ප්‍රධාන Data වර්ග කිහිපයක් තමයි මේ:

  1. String: ඕනෑම අකුරු හෝ වචන සමූහයක්. මේවා quotation marks (" " හෝ ' ') ඇතුළේ ලියන්න ඕන.
    • Ex: $city = "Colombo";
  2. Integer: දශම නැති පූර්ණ සංඛ්‍යා.
    • Ex: $count = 100;
  3. Float (Double): දශම සහිත සංඛ්‍යා.
    • Ex: $price = 45.50;
  4. Boolean: ඔව් (True) හෝ නැත (False) යන අවස්ථා දෙක පමණක් ඇති විට.
    • Ex: $is_logged_in = true;

අපිට Program එකකදී Variable  දෙකක් එකතු කරන්න වෙනවා අපු බලමු කොහොමද ඒක කරන්නේ කියලා

PHP වල වචන දෙකක් හෝ Variable දෙකක් එකතු කරන්න පාවිච්චි කරන්නේ තිත (.) ලකුණයි. මේකට අපි කියන්නේ "Concatenation" කියලා




දැන් ඔයා Variables ගැන මූලික දැනුමක් ලබාගත්තා. ඊළඟ post එකෙන් අපි බලමු මේ Variables පාවිච්චි කරලා ගණිතමය කර්ම (Operators) කරන්නේ කොහොමද කියලා.



Post a Comment

0 Comments