PHP 02: Environment Setup

 



කලින් ලිපියෙන් අපි ඉගෙන ගත්තා PHP කියන්නේ Server-side language කියලා. ඒ නිසා PHP කෝඩ් එකක් වැඩ කරන්න නම් අපිට Web Server එකක් අවශ්‍ය වෙනවා. හැබැයි මේකට සල්ලි දීලා server ගන්න ඕන නැහැ. අපේම පරිගණකය "Local Server" එකක් බවට හරවන්න පුළුවන් application software තියෙනවා.

අපි බලමු ලෝකයේ වැඩිපුරම භාවිතා වන XAMPP කියන software එක install කරගන්න විදිහ.

මොකක්ද මේ XAMPP සහ WAMP කියන්නේ ?

මේවා අපේ Computer එක ඇතුළේ Server එකක් නිර්මාණය කරලා දෙන "Software Packages"

  • XAMPP: Cross-Platform (Windows, Linux, Mac ඕනෑම එකක වැඩ කරනවා), Apache, MariaDB, PHP සහ Perl යන සියල්ලේ එකතුවක්.
  • WAMP: මෙය විශේෂයෙන්ම Windows OS වලට විතරයි.

අපි මේ පාඩම් මාලාව සඳහා XAMPP තෝරා ගනිමු. මොකද ඒක ඕනෙම Operating System එකක වැඩ කරන හින්දා.

How to install XAMPP (Step-by-Step)

Step 1: Download XAMPP

  • මුලින්ම Apache Friends web site එකට ගිහිල්ලා  ඔයාගේ Operating System එකට (Windows, Linux හෝ Mac) ගැලපෙන අලුත්ම PHP version එක සහිත XAMPP එක download කරගන්න.

Step 2: Installation

  • Download කරගත් .exe file එක open කරන්න.
  • Setup window එකේ 'Next' කරගෙන යන්න. මෙහිදී Apache, MySQL, PHPMyAdmin වැනි කොටස් සියල්ල select වී ඇති බව තහවුරු කරගන්න.
  • XAMPP install කරන folder එක (සාමාන්‍යයෙන් C:\xampp) තෝරා දෙන්න (ඔයාට ඕනෑම තැනක XAMPP install කරන්න පුලුවන්).
  • ඔයාට කරගන්න XAMPP විදිහ තේරුනේ නැත්නම් YouTube video එක බලන්න.

Step 3: XAMPP Control Panel

Install වී අවසන් වූ පසු XAMPP Control Panel එක open කරන්න. මෙහිදී PHP වැඩ කිරීමට නම් අපිට සේවාවන් දෙකක් "Start" කරන්න වෙනවා.

  • Apache: (මේක තමයි අපේ Web Server එක).
  • MySQL: (මේක තමයි අපේ Database එක).

 ඔයාගේ XAMPP application එක කිසිම error  නැතුව හරියට install වෙලානම් මේ service දෙක  Start කළ විට Green show වෙනවා.




දැන් අපි බලමු XAMPP පාවිච්චි කරලා කොහොමද PHP කෝඩ් එකක් run කරන්නේ කියලා.

  1. htdocs folder එකට යන්න: ඔයා XAMPP install කරපු තැන (C:\xampp) ඇතුළේ තියෙන htdocs කියන folder එකට යන්න. අපි හදන හැම PHP file එකක්ම දාන්න ඕන මේ folder එකට.
  2. අලුත් Folder එකක් හදන්න: htdocs ඇතුළේ my_project කියලා folder එකක් හදන්න.
  3. PHP File එකක් හදන්න: ඕනෑම Code Editor එකක් (VS Code, Notepad++) පාවිච්චි කරලා index.php නමින් file එකක් ඒ folder එක ඇතුළේ save කරන්න.
  4. Image එකේ තියෙන විදිහට code එක ලියන්න 


 

ඔයාගේ Web Browser එක open කරලා address bar එකේ මේ විදිහට type කරන්න: localhost/my_project/  දැන් ඔයාට "Hello World!" කියලා screen එකේ දකින්න ලැබේවි.

වැදගත් කරුණු:

  • PHP file එකක් double-click කරලා open කරන්න බැහැ. ඒක අනිවාර්යයෙන්ම htdocs ඇතුළේ තිබිය යුතුයි සහ XAMPP වල Apache start කර තිබිය යුතුයි.
  • Browser එකේදී C:\xampp\htdocs... ලෙස path එක ලබා නොදී සෑමවිටම localhost/... ලෙස භාවිතා කරන්න.

Post a Comment

0 Comments