Artificial Intelligence - කෘතිම බුද්ධිය (part 1)
අද මම ඔයාලට ගේන්න හිතුවා කෘතිම බුද්ධිය එහෙමත් නැත්නම් " AI " ගැන .
ගෙවුණු අවුරුදු කිහිපය තුල වඩාත් ම කතා බහට ලක්වුණු මාතෘකාව වුණේ "Artificial Intelligence" නැතිනම් කෘතිම බුද්ධිය ගැන නමුත් වර්තමානයේ මේ තත්ත්වය ඇති වීමට අතීතයේ බොහෝ දේ සිදු වුණා
කෘතිම බුද්ධිය ගැන පළවන ලිපි පෙළේ පළමු ලිපිය තමයි මේ. මම හිතනවා මේ ලිපියෙන් ඔයාලට කෘතිම බුද්ධිය ගැන අමතර දැනුමක් ලබා ගන්න පුළුවන් වෙයි කියලා.
කෘතිම බුද්ධියේ අතීතය
අද ඔයාට internet එක තුල බොහෝ ක්‍රියාකාරකම් සිදු කරන්න ඔයා ට "AI" උදව් වෙනවා. ගොඩක් අය හිතාගෙන ඉන්නේ මේ "AI" මෑත කාලයේ හොයාගත්ත දෙයක් කියලා. නමුත් එය තරමක් දුරට නිවැරැදි මතයක් පමණයි සම්පූර්ණයෙන්ම නෙමේ.
කෘතිම බුද්ධිය සොයා ගැනීමේ ආරම්භක පුද්ගලයා ලෙස සැලකෙන්නේ ඇමෙරිකානු ජාතික ගණිතඥයෙකු සහ පරිඝණක විද්‍යාඥයෙකු වන John McCarthy වේ . මොහු 1956 දී Artificial Intelligence යන හැදින්වීම සිදු කලා.
පුනරුදයෙන් පසු ඇති වූ කාර්මික ලෝකයේ දියුණුවත් සමගම මේ සම්බන්ධයෙන් ද විවිධ පර්යේෂණ සිදු වුණා .
එහි ප්‍රතිඵලයක් ලෙස 1969 දී "Shekey" ලෙස නම් කෙරුණු "පොදු කාර්යය ජංගම රොබෝවක් නිර්මාණය කලා. එයින් එයට ලබා දී ඇති තොරතුරු මට විවිධ ක්‍රියාකාරකම් සිදු කෙරුණා.
• ලෝකයේ ම අවධානය කෘතිම බුද්ධිය කෙරෙහි දිනා ගැනීමට බලපෑ ප්‍රධාන සිද්ධියක් වූයේ 1997 දී IBM ආයතනය මගින් නිපදවූ සුපිරි පරිඝණක වන "Deep Blue" එවක චෙස් ලෝක ශූරයෙකු පරාජය කිරීමයි.
sources :
ඔයාලගෙ අදහස් පහලින් comment කරන්න 😊


0 Comments