Telegram එකෙන් 'story' බලමුද ?

 Telegram සදහා ද story පහසුකම හදුන්වා දීමට සූදානම් වේ.






2021 වසරේ update වුණු whatsapp Privacy Policy සමග බොහෝ whatsapp පරිශිලකයින් වෙනත් Messaging app භාවිතා කරන්න පෙළඹුණා. නමුත් එක ගැටලුවක් තිබුනා ඒ තමා whatsapp status වැනි පහසුකමක් වෙනත් messaging app වල නොතිබීම . Telegram පරිශිලකයින් මෙන්ම Telegram සදහා එක්වූ නව පරිශිලකයින් Telegram සමාගමෙන් ඉල්ලා සිටියේ Telegram සදහාත් whatsapp status වැනි පහසුකමක් ලබා දෙන ලෙසයි.

මේ සම්බන්ධයෙන් අවධානය යොමු කල Telegram සමාගම Telegram සදහා stories පහසුකම ලබාදීමට සූදානම් වෙනවා. Telegram සමාගමේ CEO ව්න Pavel Durov සදහන් කරන පරිදි ඉදිරියේදී මෙම පහසුකම Telegram පරිශිලකයින් හට ලබා දීමට නියමිත යි.


• Privacy - whatsapp status වගේ ම ඔයාගේ stories බැලිය යුත්තේ කවුද කියලා තීරණය කරන්න ඔයාට පුළුවන් 
• Compact UI - chat list එකට උඩින් ඔයාට stories බලාගන්න පුළුවන් 
• Flexibility - වෙනත් අයෙකු upload කරන stories ඔයාට hide කරලා තියන්න පුළුවන් 
• Captions - stories සදහා ඔයාට captions එක් කරන්න හැකියාව තියෙනවා.
Dual Camara Support - front and back camara වලින් එකම අවස්තාවේ ලබා ගත් චායාරූප upload කරන්න හැකියාව හිමි වෙනවා
Optional Ephemerality - ඔයාගේ story expire විය යුතු කාලය ඔයාට තෝරන්න පුළුවන් 

ඉදිරියේදී මේ පහසුකම ලංකාවේ අපිටත් හිමි වෙයි. මොකක්ද ඔයාට හිතෙන්නේ telegram වලට stories පහසුකම ලැබීම ගැන ? අදහස පහළින් comment කරන්න 

sources:

www.androidauthority.com

https://t.me/durov/214


Post a Comment

0 Comments