මොකක්ද මේ PHP කියන්නේ ?
අන්තර්ජාලය (Internet) එක්ක වැඩ කරද්දී, වෙබ් අඩවි නිර්මාණය කරද්දී (Web Development) නිතරම ඇහෙන වචනයක් තමයි PHP කියන්නේ. අද අපි පටන් ගන්න මේ Blog Post Series එකෙන් ඔයාලට පුළුවන් මුල ඉඳන්ම සරලව PHP ඉගෙන ගන්න.
සරලවම කිව්වොත් PHP (Hypertext Preprocessor) කියන්නේ වෙබ් අඩවි නිර්මාණය කරන්න භාවිතා කරන ඉතා ජනප්‍රිය Server-side Scripting Language එකක්.
ලෝකේ තියෙන වෙබ් අඩවි වලින් 75% කට වඩා දුවන්නේ PHP මත. උදාහරණයක් විදියට අපි කවුරුත් දන්න Facebook මුලින්ම හැදුවෙත්, අදටත් ලෝකේ ජනප්‍රියම CMS එක වන WordPress හැදිලා තියෙන්නෙත් PHP වලින්.
ඇයි අපි PHP "Server-side" Language එකක් කියන්නේ ? , Web Development වලදී භාෂා වර්ග ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා.
- Client-side Languages (HTML, CSS, JavaScript): මේවා වැඩ කරන්නේ ඔයාගේ Web Browser එක ඇතුලේ (Chrome, Firefox, Microsoft Edge වගේ).
- Server-side Languages (PHP, Python, Ruby): මේවා වැඩ කරන්නේ Web Server එක ඇතුලේ.
අපි උදාහරණයක් බලමු: ඔයා Restaurant එකකට ගිහින් කෑමක් ඇණවුම් කරනවා කියලා හිතන්න.
- ඔයා (Client/Browser): කෑම ඇණවුම් කරන කෙනා.
- Waiter (Internet): ඔයාගේ ඇණවුම අරන් යන කෙනා.
- Kitchen (Server): කෑම හදන තැන. PHP කියන්නේ මෙතන ඉන්න ප්‍රධාන කෝකියා (Chef) වගේ.
ඔයා ඉල්ලන දේ අනුව (Login වීමක්, දත්ත සෙවීමක්) Server එක ඇතුලේ අවශ්‍ය දේ කරලා, ඒක HTML බවට හරවලා PHP විසින් නැවත ඔයාගේ Browser එකට එවනවා. අන්න ඒ නිසා තමයි PHP වලට Server-side language එකක් කියන්නේ.
ඇයි අපි PHP ඉගෙන ගන්න ඕන ? (Advantages of PHP)
- ඉගෙන ගන්න පහසුයි (Easy to Learn): ඔයා මීට කලින් C හෝ Java වගේ Programming language එකක් use කරලා තියෙනවා නම් PHP හරිම ලේසියි. මුකුත්ම නොදන්නා කෙනෙක්ට වුනත් ඉක්මනින් අල්ලගන්න පුළුවන්.
- සම්පූර්ණයෙන්ම නොමිලේ (Open Source): PHP භාවිතා කරන්න කාටවත් මුදල් ගෙවන්න ඕන නැහැ.
- Database එක්ක වැඩ කිරීම පහසුයි: MySQL වගේ Databases එක්ක ඉතා හොඳින් ගැලපෙනවා.
- වේගවත් (Fast): අනිත් Scripting languages එක්ක බලද්දී PHP වේගවත්.
- Community Support: ප්‍රශ්නයක් ආවොත් උදව් කරන්න ලොකු පිරිසක් අන්තර්ජාලයේ ඉන්නවා.
PHP ඉගෙන ගන්න කලින් මොනවද දැනගෙන ඉන්න ඕන ?
PHP පටන් ගන්න කලින් ඔයාට පහත දේවල් ගැන මූලික දැනුමක් තියෙනවා නම් ගොඩක් හොඳයි:
- HTML: වෙබ් පිටුවක සැකිල්ල හදන හැටි.
- CSS: වෙබ් පිටුව ලස්සන කරන හැටි (Basic දැනුම ඇති).
අපිට මොනවද ඕන කරන්නේ ?
PHP කෝඩ් ලියන්න සහ ඒවා රන් (Run) කරන්න අපිට ප්‍රධාන දේවල් දෙකක් ඕන.
- Web Server (Ex: Apache): PHP ෆයිල් රන් කරන්න.
- Database Server (Ex: MySQL): දත්ත ගබඩා කරන්න.
- Code Editor (Ex: VS Code): කෝඩ් ලියන්න.
බය වෙන්න එපා, මේ ඔක්කොම එක පාර install කරගන්න පුළුවන් XAMPP කියන මෘදුකාංගය ගැන අපි ඊළඟ ලිපියෙන් කතා කරමු.
0 Comments